මතකයන් අමතක කෙරුවත්.. අමතක වෙන්නේ නෑ.
ඔබ එපා යැයි මට සිතුනත්... එපා වෙන්නේ නෑ..
යලි ඒවි යැයි සිත කීවත්.... ඔබ යලි එන්නේ නෑ..
සිත පුරා ආදරේ කරන්නට..... මට දැන් කව්රුත් නෑ..
කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැරේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔඹම පමණයි.....
මිදි යන්නට නොහැකි මෙ ලොව
එකම බැදුමද ඔඹම පමණයි.....
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBMdDviGOVQoQoMMmzTt737XeA5qirKrbI8f3F-rO2-El7SJ5rPQmK2oARAOwsm19zGopnwwOKjdiVoRpd4iry42J2WHXxcuT33_CO7KmrIHoFwmEofAoaAAhz5IXli-OaPpznhL4HpdF1/s320/811.jpg)
කදුල ඉතින් ඔබ නොයන්න
ඔහු ගිය ලෙස මා අත්හෑර
ලගින් ඉදන් දිරිය දෙන්න
සෑනසිල්ලේ නිදා ගන්න.....
ඔහු ගිය ලෙස මා අත්හෑර
ලගින් ඉදන් දිරිය දෙන්න
සෑනසිල්ලේ නිදා ගන්න.....
No comments:
Post a Comment